'ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට පියවර ගනිමින් සිටිනවා' - අගමැති (VIDEO)

'ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට පියවර ගනිමින් සිටිනවා' - අගමැති (VIDEO)

අනාගත සමාජයීය හා ආර්ථික අභියෝගයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සඳහා පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හොංකොංහි පැවැත්වෙන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා ශාන්තිකර සමුළුවේ සමාරම්භක උළෙලේ විශේෂ සැසියට එක්වෙමිනි.

ඊයේ (04) හොංකොං ජාත්‍යන්තර ප්‍රදර්ශන සම්මේලන ශාලාවේදී ආරම්භ වූ සැසිවාරයට ජර්මනියේ නියෝජ්‍ය චාන්සලර් සිග්මා ගේබ්රියෙල්, තායිලන්ත කර්මාන්ත ඇමතිනි අචකා සුබුන්රුඅං, ඕස්ට්‍රේලියාවේ මුදල් අමාත්‍ය මතියස් කෝමන් සහ ඉන්දුනීසියානු වෙළඳ අමාත්‍ය එන්ගැරිස්ටෝ ලූකිතා ද එක්ව සිටියාය.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මනියේ නියෝජ්‍ය චාන්සලර් සිග්මා ගේබ්රියෙල් අතර ඊයේ දහවල් ද්විපාර්ශවික සාකච්ඡා ද පැවැත්විණි.

අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ එහිදී  GSP ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා පූර්ණ සහය ලබාදෙන බවට ජර්මනියේ නියෝජ්‍ය චාන්සලර්වරයා ප්‍රකාශ කළ බවයි.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment