'සිම් කඩන අයගේ ඔළුවේ ගොම' - සිරිධම්ම හිමි ඉරාජ් එක්ක ෆේස්බුක් වීරයින්ට දෙහි කපයි (VIDEO)

මෙරට සමාජ ජාල සහ වෙබ් අඩවි උණුසුම් කරන නවතම පුවත බවට පත් වී ඇත්තේ ශ්‍රී පාද අඩවිය අසන්නයේ හෝටලයක් ඉදිකිරීමට යන බව කියන ප්‍රවෘත්තිය යි.

ජාතිකවාදී සංවිධාන ඇතුළු බොහෝ සමාජ ජාල පරිශීලකයින් මෙයට සිය දැඩි විරෝධය පළ කළා. මේ අතර තවත් පිරිසක් මුස්ලිම් හිමිකරුවන් සිටින බව කියන එක්තරා සමාගමකට අයත් සිම්පත් කඩා දමමින් මෙම සිදුවීමට විරෝධය පළ කරනු දක්නට ලැබුණා.

රැල්ලක් බවට පත් වූ මෙම සිම්පත් කැඩීම සමාජ ජාල අතර වේගයෙන් ව්‍යාප්ත වුණා. තමන් කැඩූ සිම්පත ඡායාරූප ගත කර සමාජ ජාල තුළ පළ කිරීම මෙහි දී සිදු වුණා.

සිම්පත් කැඩීමට සහය පළ කරන පිරිස් මෙන්ම එයට විරෝධය පළ කළ පිරිස් ද සිටි අතර පසුගිය දා පුද්ගලික ගුවන් විදුලි නාලිකාවන විකාශය වූ වැඩසටහනක දී මේ පිළිබඳව සාකච්ඡා කෙරුණා.

එම වැඩසටහනට සහභාගී වී සිටියේ වර්තමානයේ දී සිරි සමන්ත භද්‍ර නමින් හඳුන්වනු ලබන පිටිදූවේ සිරිධම්ම හිමි, ආන්දෝලනයට තුඩු දුන් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සහ සංගීත ශිල්පී පේෂල මනෝජ්.

සිම්පත් කඩා දැමීමේ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින්නන් එහි දී දැඩි විවේචනයට බඳුන් වුණා. සිරිධම්ම හිමි පැවසූවේ මෙම ක්‍රියාව කරන්නන් දුර්වල සහ මෝඩ පුද්ගලයින් බව යි.

එමෙන්ම සිම්පත් කඩා දමන බහුතරයක් දෙනා ශ්‍රී පාද කන්ද නැඟ හෝ නොමැති බව යි පේෂල ප්‍රකාශ කළේ. තව ද ඔවුන් වැඩිදුරටත් පැවසුවේ මෙවැනි කටයුතුවල නිරත වන්නේ ෆේස්බුක් සමාජජාලයේ පමණක් වීරයින් සේ කටයුතු කරන්නන් බව යි.

"ඔළුවේ තියෙන්නේ ගොම" යනුවෙන් ද සිරිධම්ම හිමි පවසා සිටියා.

වීඩියෝව පහතින්....


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment