හම්බන්තොට වරායේ ගැටුමෙන් 5ක් රෝහලේ

හම්බන්තොට වරායේ ගැටුමෙන් 5ක් රෝහලේ

වරාය අධිකාරියට තමන්ව බදවා ගන්නා ලෙසත් චීන සමාගමට හම්බන්තොට වරාය ලබා නොදෙන ලෙසත් ඉල්ලා හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් විසින් දියත් කර තිබූ විරෝධතාවට නාවික හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය.

එහිදී සේවකයන් පස් දෙනෙකු හා එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකු තුවාල ලැබීය. හම්බන්තොට වරායේ සේවක පිරිස 482 ක් පමණ වන අතර ඔවුන් විසින් දියත් කර තිබූ වැඩවර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස වරායේ නැංගූරම්ලා තිබූ නැව් 2 ක් පිටත්ව යාමට නොහැකි තත්වයක් උද්ගත වී තිබුණි. එයට හේතු වී තිබුණේ වරාය විසින් නැව් සඳහා ලබා දිය යුතු සේවාවන් ලබා දීම වැඩ වර්ජනය නිසා ඇණහිට තිබීම හේතුවෙනි.

දින හතරක් පුරාවට දියත් කරතිබූ වැඩ වර්ජනය නිසා චීනයේ සිට හා සිංගප්පුරුවේ සිට පැමිණි නෞකා දෙක සඳහා පටත්ව යාමට නොහැකිව තිබු අතර වැඩවර්ජනයේ නිරතව සිටි සේවක පිරිස් වරාය තටාකාංගනයට බැසද විරෝධය දියත් කරන ලදී.

මේ අතර තුර අද (10) පෙරවරු 10 ට පමණ හම්බන්තොට මාගම්පුර වරායේ සේවක විරෝධතාවය මත වරායේ හිරවි ඇති  වාහන රැගත් නැව මුදා ගැනීමට නාවික හමුදාව 500 ක පමණ   කණ්ඩායමක් වරායේ නැගෙනහිර කොටසේ ‍තෙල් පර්යන්තය දෙසට ළඟා විය.

ඒ වනවිට වරායේ සේවකයින් වරායේ ජැටියේ, සහ වරාය ප්‍රධාන දොරටුව අසල විරෝධතාවයේ නියැලී සිටියහ.  නාවික හමුදා නිළධාරින් ඩෝරා යාත්‍රා මගින් වරාය ජැටිය වෙ ළඟා වූයේ වරායේ ජැටියේ රැඳී සිටි සේවකයින්ට වෙඩි පහර එල්ල කරමින් බව වරාය සේවක සංගමයේ ප්‍රචාරක නිළධාරි අයි.එච් උමේෂ් මහතා සඳහන් කළේය.

වරාය ජැටියේ සිටින සේවකයින්ට නාවික හමුදා නිළධාරින් පැමිණ  ගිනි අවිවලින් හා පොලුවලින් පහර දුන් බවද උමේෂ් මහතා කීය. පහර කෑමට ලක් වූ පස් දෙනෙකු    හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බවද ඔහු පැවැසීය. මොන බාධක පැමිණියත් තම විරෝධතාවය නොනවත්වන සේවකයෝ කියති.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment