‘පොළුවලින් ගහලත් නෑ වෙඩි තියලත් නෑ‘ - රාජ්‍ය ආරක්ෂක ඇමැති (VIDEO)

‘පොළුවලින් ගහලත් නෑ වෙඩි තියලත් නෑ‘ - රාජ්‍ය ආරක්ෂක ඇමැති (VIDEO)

හම්බන්තොට වරායේ විරෝධාකරුවන්ට නාවික හමුදාව විසින් පොළුවලින් පහර දී හෝ වෙඩි තැබීමක් සිදු කර නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

උද්ඝෝෂකයින් විසින් රඳවාගෙන සිටි නෞකා දෙකක් නිදහස් කරගැනීමට නාවික හමුදාව කටයුතු කළ බව හෙතෙම ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසී ය.

හම්බන්තොට වරායේ සේවකයන් පිරිසක් විසින් ගෙන යන උද්ඝෝෂණයට නාවික හමුදාව පහර දී ඇති බවට විපක්ෂයේ මන්ත්‍රීවරු කළ ප්‍රකාශවලට පිළිතුරු දෙමින් ඊයේ පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment