හම්බන්තොටදී මාධ්‍යවේදියාට ගැහුවේ කවුද?

හම්බන්තොටදී මාධ්‍යවේදියාට ගැහුවේ කවුද?

හම්බන්තොට වරායේ නැව් දෙකක් යාත්‍රා කිරීමට නොහැකි වන පරිදි විරෝධතාවයේ යෙදුණු වරාය සේවකයන් විසිරුවා හැරීමට පැමිණි නාවික හමුදා පිරිස අතර කොට කළිසමක් ඇඳ සිටි අයකු ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට පහර දෙන අයුරු කැමරාවල සටහන් වී තිබිණි.

ඔහු මාධ්‍යවේදියාට පරුස වචනයෙන් බැණ වැදුණේය.

තමා මාධ්‍යයෙන් බව කියද්දීත් එම උසස් නිලධාරියා මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා කරනු දක්නට ලැබිණි.

පහර කෑ මාධ්‍යවේදියා කියනුයේ තමාට පහර දුන්නේ නාවික හමුදාපතිවරයා බවයි. ඔහු හමුදාපති නොවේ නම් ඒ කවුදැයි හෙළි කරන ලෙස ද පිරිසක් ඉල්ලති.

මාධ්‍යවේදියකුට පහර දීම ගැන නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි ඇසූ විට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි මහතා කීවේ ඒ ගැන පැමිණිලි ලැබී නැති බවයි. ‘ඒ ගහනවා නෙමෙයි. අයින් වෙන්න කියනවා.‘ යැයි ද ඔහු කීවේය.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා කීවේ ඒ ගැන සොයා බලා පිළිතුරක් දිය හැකි බවයි.

Snapshot---4

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment