සිවිල් ආරක්ෂක භටයින් 500ක් වනජීවියට

සිවිල් ආරක්ෂක භටයින් 500ක් වනජීවියට
හදිසියේ ගම්වලට කඩාවදින වනඅලි පන්නා දැමීම සහ ඇල්ලීම සඳහා සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් 500දෙනෙකු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට සුදානම් කර ඇතැයි සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලෙගම මහතා පවසයි.

වනසංරක්ෂන අමාත්‍යාංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් හදිසි තත්ත්වයන් යටතේ මේ සඳහා ඉල්ලීමක් කර තිබෙන බවත් ඉන්පසුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව මේ සඳහා සෙබළුන් ලබාදිය හැකිදැයි ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිර්දේශ විමසූ අවස්ථාවේ එම සෙබළුන් ප්‍රමාණය ලබාදිය හැකියැයි තමන් පැවසූ බවද පල්ලෙගම මහතා ප්‍රකාශ කළේය. අනුරාධපුරය, අම්පාර, මහඔය, පොළොන්නරුව, විලච්චිය හා පදවිය වැනි වන අලි තර්ජන වැඩි වශයෙන් පවතින ප්‍රදේශවලට මෙම සෙබළුන් යොදවන බව ඒ මහතා පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ මේ වනවිට අලිවැට ආරක්ෂා කිරීම සඳහා ද සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් යොදවා සිටින බවත් ඔවුන් විශාල රාජකාරියක් සිදුකරන බවත්ය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment