කොකේන් කිලෝ 800 අැල්ලූ නිලධාරියාට උසස්වීමක්

කොකේන් කිලෝ 800 අැල්ලූ නිලධාරියාට උසස්වීමක්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් සිල්වා මහතා නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කර තිබේ.

ඒ, ඊයේ (09) කොළඹ වරායට පැමිණි නැවකින් කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 800කට ආසන්න තොගයක් සොයා ගැනීම සඳහා කළ වැටලීම ද සැලකිල්ලට ගනිමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා මෙවැනි තවත් වැටලීම් කිහිපයක් ද කමල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය සමයේ සිදුකර තිබේ.

මේ අතර ඊයේ සොයාගත් කොකේන් තොගය දකුණු ආසියාවේ මෙතෙක් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිසිය සඳහන් කරයි.

එහෙත් එය නැගෙනහිර ආසියාවේ ද මෙතෙක් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බවට දැන් තහවුරු වී තිබේ.

ඉන්දියාවට රැගෙන යාමට සැලසුම් කර තිබූ මෙම කොකේන් තොගය පිළිබඳව ඉදිරි විමර්ශන සදහා ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරන බවද පොලිසිය පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment