හම්බන්තොට උණුසුම් තත්ත්වයක් - නාවික හමුදාව කැඳවයි

හම්බන්තොට උණුසුම් තත්ත්වයක් - නාවික හමුදාව කැඳවයි

හම්බන්තොට වරාය පරිශ්‍රයේ සත්‍යග්‍රහයේ නිරත සේවකයන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශ උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

වරාය තටාකයේ සිටි සත්‍යග්‍රහයට සහය දුන් සේවකයන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පළමුව උත්සාහ කර ඇති අතර මෙම සේවකයන් වරාය තටකයේ රැදී සිටීම නිසා වරායට පැමිණි නෞකා 02කට පිටව යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව නාවික හමුදා ප්‍රකාශක, කපිතාන් අක්‍රම් අලෙවි මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ සේවකයන් සමඟ සාකච්ඡා කර ගැටළුව විසදා ගැනීම සඳහා වරාය බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.

තවද හම්බන්තොට වරාය පරිපාලනයේ ඉල්ලීම මත පමණක් නාවික හමුදාව එම ස්ථානයට කැඳවූ බවද ඔහු පැවසීය.

මේ අතර, තත්ත්වය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහරදීමක් සිදුවූ බව ද එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන් ප්‍රකාශ කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment