84%ක ප්‍රගතිය පෙන්නූ අමාත්‍යංශයේ මුදල් කප්පාදුවක්

84%ක ප්‍රගතිය පෙන්නූ අමාත්‍යංශයේ මුදල් කප්පාදුවක්

2016 වසරේදී 86%ක ප්‍රගතියක් පෙන්වා ඇති තම අමාත්‍යංශයේ මුදල් මෙවර අයවැයෙන් කපාහැර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැන්වූ බවත් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් තමා ඉල්ලා සිටින්නේ 80%කට වඩා ප්‍රගතිය දක්වා ඇති අමාත්‍යංශ සංඛ්‍යාව පිළිබඳව විමසා බලන ලෙස බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා," අපේ අමාත්‍යංශයේ මේ අවුරුද්දේ මූල්‍ය ප්‍රගතිය 84%යි. ඊට හේතුව මම මගේ ලේකම්තුමාට උපදෙස් දුන්නා දේශපාලනය කරන්න එපා කියලා. තමුන්නාන්සේලා දන්නවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ අමාත්‍යතුමා ඉන්න දිස්ත්‍රික්කයට තමයි සම්මත් සියල්ල යන්නේ. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ එය සම්ප්‍රදායක් වුණා. නමුත් මම ආඩම්බරයෙන් කියනවා අපේ අමාත්‍යංශයේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා අවශ්‍යතාවට ප්‍රමුඛත්වය දෙන්න මට හැකිවුණා. අද අපි රටක් හැටියට ඉදිරියට යන්න නම්, ජනතාවගේ අවශ්‍යතාවය හඳුනාගැනීම දේශපාලනඥයන්ගේ වගකීමක් වෙනවා.

අපි අද සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නේ. මම නම් කැමතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් තියෙනවා නම්. මොකද සම්මුතිවාදී ආණ්ඩුවක් කරන කොට නොයක් ප්‍රශ්න තියෙනවා. මගේ අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රගතිය 84% කි තියෙද්දී පළාත් පාලන ආයතනවලට වෙන්කරලා තිබුණ ප්‍රග්ධන වියදම් කපලා. මම ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ඒ මුදල් ලබාගන්න කටයුතු කළා." යනුවෙන් කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment