ප්‍රධාන නගර හතරක ඩීසල් රථවලට තහනමක්?

ප්‍රධාන නගර හතරක ඩීසල් රථවලට තහනමක්?

ලෝකයේ ප්‍රධාන නගර හතරක එළැඹෙන දශකය මැද භාගය වනවිට, එනම් 2025 පමණ වනවිට ඩීසල් මෝටර් රථ සහ ට්‍රක් රථ භාවිතය තහනම් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැරීසිය, මෙක්සිකෝ සිටි, මැඩිරිඩ් සහ ඇතන්ස් යන නගරවල වායු දූෂණය අවම කරමින්, පිරිසුදු වාතාශ්‍රය පවත්වා ගැනීම වෙනුවෙන් එම නගරවල නගරාධිපතිවරු මෙම තීරණයට එළැඹ ඇත. .

ඒ වෙනුවට භාවිත කළ හැකි වාහන සඳහා දිරිගැන්වීම් ලබාදෙන අතරතුර, පාපැදි හා පයින් ගමන් කිරීම ප්‍රවර්ධනය කිරීමටද කටයුතු කරන බව එම නගරාධිපතිවරු පවසා තිබේ.

මෙක්සිකෝවේදී මෙම නගරවල නගරාධිපතිවරු අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.

වසරකට තිස් ලක්ෂයකට අධික පිරිසක් වායු දුෂණය හේතුවෙන් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවල දැක් වේ.

ඩීසල් වාහන වෙනුවට විදුලි මෝටර් රථ, දෙමුහුන් වාහන සහ හයිඩ්‍රජන් වාහන හඳුන්වා දීමට නියමිත බවත් නගරාධිපතිවරුන් වැඩිදුරටත් පවසති.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment