හෙට නැත්නම් සේවයෙන් දොට්ට - අර්ජුනගෙන් රතු එළියක්

හෙට නැත්නම් සේවයෙන් දොට්ට - අර්ජුනගෙන් රතු එළියක්

හෙට (15) දහවල් 2.00ට පෙර සේවයට වාර්තා කරන සියලුම සේවකයන් ඉදිරියේදී ඇති කරන චීන - ශ්‍රී ලංකා සමාගම යටතේ ස්ථිර සේවයට ඇතුළත් කර ගන්නා බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මාගම්පුර වරායේ සේවය කරන සේවකයන් 483 දෙනෙකු වැඩවර්ජනයක නිරත වී සිටින බවත් හෙට දහවල් 2.00ට පෙර සේවයට වාර්තා නොකරන සියලුදෙනා සේවය අතහැර ගියාසේ සලකන බවත් අමාත්‍යවරයා පැවසී ය.

වරාය අධිකාරිය යටතේ ස්ථිර සේවයට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් මෙම වර්ජනය සිදුකළද ඔවුන් වරාය අධිකාරියට බඳවා ගැනීමට නොහැකි බවද අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment