මඩකලපුව හිමිට ඇප

මඩකලපුව හිමිට ඇප

අධිකරණ නියෝග නොතකමින් සාමය කඩවන අයුරින් කටයුතු කළැයි සැකපිට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද(14) නියෝග කළේය.

ජනවාරි 25 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.

බොදුබල සේනා සංවිධානයේ පැමිණීම නිමිත්තෙන් මඩකලපුව නගරයේ පසුගිය 03 වන දින කලබලකාරී තත්වයක් තිබුණි. බොදුබල සේනා සංවිධානයේ පැමිණීම නැවැත්වීමෙන් අනතුරුව අධිකරණ නියෝගයට පටහැනිව මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටිය සුමනරතන හිමි උද්ඝෝෂණයක් පවත්වන ලදි.

මෙහිදී ජනතාව ප්‍රධාන මාර්ගයේ එක් රැස්කර සාමයට විරුද්ධව වැඩ කිරීමේ චෝදනාව මත අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව මඩකලපුව පොලිසිය නඩු පැවරීය. ඉන් අනතුරුව සුමනරතන හිමියන්  අද උසාවියට ඉදිරිපත් කළේය.

මඩකලපුව - ජවුෆර්කාන්

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment