සීමානීර්ණ කොමිසන් සභාවේ වාර්තාව අද (27) දිනයේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මූස්තාෆා මහතා වෙත බාරදීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව අදාළ වාර්තාව ලැබීමෙන් පසු අමාත්‍යවරයා විසින් එය ගැසට් කරනු ඇතැයි වාර්තා වෙයි.
අදාළ ගැසට් පත්‍රය පළවීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.
සභාවක් සඳහා මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය, කාන්තා නියෝජනය, කොට්ඨාස මටිටමින් මන්ත්‍රීවරු ගණන සහ සමානුපාතිකව මන්ත්‍රී ගණන සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා විසින් එය ගැසට් කිරීමට නියමිතය.
0 comments :
Post a Comment