බෝට්ටුවක් පෙරළී උගන්ඩාවේ පාපන්දු කණ්ඩායම අනතුරක

නත්තල් දින පාපන්දු තරගයක් සඳහා විශාල පරිමාණයේ බෝට්ටුවකින් ගමන් කරමින් සිටි උගන්ඩාවේ පාපන්දු කණ්ඩායමක් හා එම නරඹන්නන් පිරිසක් බෝට්ටුව පෙරළී යාමෙන් අනතුරට පත්ව තිබේ. 45
දෙනෙකු රැගෙන ගිය මෙම බෝට්ටු අනතුර නිසා 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 24 දෙනෙකු අතුරුදන් බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. Hoima දිස්ත්‍රික්කයේ

නත්තල් දින පාපන්දු තරගයක් සඳහා ඔවුන් යමින් සිට ඇත.
ලේක් ඇල්බර්ට් ජලාශය හරහා යාත්‍රා කරමින් සිටියදී පමණට වඩා මගීන් සංඛ්‍යාවක් එක් පැත්තකට වැඩිපුර යොමුවීමෙන් සමබරතාව ගිලිහී බෝට්ටුව පෙරළී ඇත.
අනතුරින් පසු මළ සිරුර 9ක් සොයා ගෙන ඇති අතර පුද්ගලයින් 21 දෙනෙක් සහන කණ්ඩායම් විසින් බේරා ගනු ලැබ තිබේ.
අනතුර සිදු වන අවස්ථාවේ එහි සිටි වැඩි පිරිසක් බීමත්ව විනෝදවෙමින් සිට ඇත.
අප්‍රිකානු කලාපයේ මේ ආකාර බෝට්ටු අනතුරු බහුල බවද වාර්තාවේ. මියගිය අය අතර පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් සිටින නමුත් තවම මියගිය අය නිශ්චිතව හඳුනාගෙන නැත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment