පොලිස් ගිනි අවියෙන් පොලිසියටම වෙඩි තියලා

පොලිස් ගිනි අවියෙන් පොලිසියටම වෙඩි තියලා

කටාන කටියල ප්‍රදේශයේ පා මුර සංචාරයේ යෙදුණු පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනකු විසින් සැකකරුවන් දෙදෙනකු පරීක්‍ෂා කිරීමට යැමේදී එක්‌ සැකකරුවකු පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ රිවෝල්වරයක්‌ උදුරා එම කොස්‌තාපල්වරුන් දෙදෙනාට වෙඩි තබා එම රිවෝල්වරය ද රැගෙන පලාගොස්‌ තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ පොලිස්‌ කොස්‌තාපල් ගුණසේන (35552) සහ සමන් (49921) යන දෙදෙනා මීගමුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

එක්‌ පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ අතකට සහ පාදයකටත් අනෙක්‌ කොස්‌තාපල්වරයාගේ පාදයටත් වෙඩි වැදී ඇති බවත් ඔවුනගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.

කොස්‌තාපල්වරුන් දෙදෙනා පා මුර සංචාරයේ යමින් සිටියදී බෑග් එකක්‌ ද අතැතිව පුද්ගලයන් දෙදෙනකු පයින් ගමන් කර ඇත. කටියල ප්‍රදේශයේ නිරන්තරව සිදුවන සොරකම් නිසා පොලිස්‌ නිලධාරීන්ගේ සැකයට භාජන වූ සැකකරුවන් පරීක්‍ෂා කිරීමේදී එක්‌ සැකකරුවකු සතු බෑගයක තිබී නියනක්‌ සහ තවත් අඬුවක්‌ වැනි දෙයක්‌ හමු වී තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරද්දී එක්‌ සැකකරුවකු මෙසේ කොස්‌තාපල්වරයා සතුව තිබූ රිවෝල්වරය උදුරා වෙඩි තබා අසල නවතා තිබූ යතුරුපැදියක්‌ ද මංකොල්ලකා රිවෝල්වරයත් රැගෙන දෙදෙනා යතුරුපැදියෙන් පලාගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment