මට තුන්වෙනි වතාවටත් දිනන්න තිබුණා - ඔබාමා කියලා


ඇමරිකාවේ සීඑන්එන් නාලිකාව හා චිකාගෝ සරසවිය එක්ව සංවිධානය කළ පොඩ් කාස්ට් වැඩ සටහනකට එක්වූ සමුගන්නා ඇමරිකානු ජනපති බරක් ඔබාමා ආන්දෝලනාත්මක අදහසක් පළකර ඇත.
‘මට විශ්වාසයි
මගේ දර්ශනය ඇමරිකානුවන් අදටත් හෙටටත් පිළිගන්නා බව.මං ආයෙත් ඡන්දෙට ඉදිරිපත් වුණා නම් දිනල ඒක ඔප්පු කරනවා. පසුගිය මාසයේ සිද්ධ කළ වෙනස නොතකා මගේ දර්ශනය වෙනුවෙන් ජනතාව පෙළගැසෙන බව මං දන්නවා. ඉදිරියටත් මං ඒ ජනතාව වෙනුවෙන් වර්ධනීය ලෙස සහාය දෙන්න සූදානම්‘
මෙම ප්‍රකාශයෙන් පසුව සිය ට්විටර් ගිණුම ඔස්සේ අනාගත ජනපති ට්‍රම්ප් පිළිතුරක් සපයමින් දන්වා ඇත්තේ ඔබාමාගේ සහාය ඉදිරියේදී තමා බලාපොරොත්තු  නොවන බවයි.
ලබන ජනවාරි 20 වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති තනතුරේ වැඩභාරගනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment