ඊයේ සුරංග ලක්මාල් දකුණු අප‍්‍රිකානු මුල් පෙළ අසරණ කරලා


සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා
වන විට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 267ක් ලබා සිටියා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි ක්වින්ටන් ඩි කොක් ලකුණු 25ක් ලබා සිටි අතර වර්නන් පිලෙන්ඩර් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 6ක්. දකුණු අප‍්‍රිකානු ඉනිම වෙනුවෙන් ජේ.පී. ඩුමිනි ලකුණු 63ක් රැස්කළ අතර ස්ටෙෆන් කුක් ලකුණු 59ක් රැස්කළා.

කෙසේ වෙතත් දකුණු අප‍්‍රිකානු මුල්පෙළ පිතිකරුවන්ට දිගු ඉනිමක් ක‍්‍රීඩා කිරීමට හැකිවූයේ නැහැ. පන්දුවෙන් දස්කම් දැක්වූ සුරංග ලක්මාල් ලකුණු 62කට කඩුලු 4ක් බිඳහෙලුවා.

රංගන හේරත් ලකුණු 48කට කඩුලු 2යි. තරගය පැවැත්වෙන්නේ පෝර්ට් එළිසබත් හි ශාන්ත ජෝර්ජ් ක‍්‍රීඩා පිටියේදීයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment