ඊයේ රෑ බෝම්බ බියක් නිසා කොටුව ස්ටේෂමේ කලබලයක්






බෝම්බ බියක් නිසා 
ඊයේ රෑ කොටුව ස්ටේෂමේ කලබලයක්


ඊයේ රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යාමට නියමිතව තිබුණ රාත්‍රී තැපැල් දුම්රියේ සැකකටයුතු බෝම්බ පාර්සලයක් තිබෙන බවට පැතිර ගිය ආරංචියක් නිසා කලබලකාරී තත්වයක් ඇති වුණ බව වාර්තාවේ.
මෙම දුම්රියේ බෝම්බයක් තබා ඇතැයි පොලිසියට නිර්නාමික දුරකථන ඇමතුමකින්
දන්වා තිබීම මගින්
මුලින්ම මෙම ආරංචිය පැතිර ගොස් ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය බෝම්බ නිෂ්ක්‍රීය අංශ සියලුම මගීන් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙන් ඉවතට යවා දුම්රිය පරීක්ෂාව සිදු කළ අතර පැයකට පමණ පසු දන්වා සිටියේ කිසිදු බෝම්බයක් සොයාගන්නට නැති බවයි.
කෙසේ වෙතත් අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරී ඉල්ලපීම පරිදි සැකකටයුතු දුම්රිය දුම්රිය ස්ථානයෙන් පිටතට ගෙන කොටුව හා මරදාන අතර නවතා නැවත පරීක්ෂාවක් සිදු කර ඇති අතර එහිදීද කිසිවක් සොයාගෙන නැත.
මෙම බොරු ප්‍රචාරය නිසා පැය දෙකහමාරක පමණ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment