අයවැය පරාදවන ලකුණු?

අයවැය පරාදවන ලකුණු?

ලබන 10 වැනිදා පැවැත්වෙන අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමට ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැති ඇමැතිවරුන් සහාය පළ කරන්නේ ශ්‍රීලනිපය ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිගතහොත් පමණක්‌ බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව ක්‍රියාත්මක නොකිරීම, සේවක අර්ථසාධක අරමුදලේ ණය පහසුකම් සහ එම අරමුදල් ශේෂය මත ලබාදෙන 30% මුදල ලබාගැනීමේ අවස්‌ථාව අහිමි නොකිරීම, මහ බැංකුවේ අධීක්‍ෂණයෙන් තොරව ජාතික ගෙවීම් වේදිකාව අයවැය යෝජනාව ක්‍රියාත්මක නොකිරීම සහ සමෘද්ධි බැංකුව සහ සමුපකාර බැංකුව ඒකාබද්ධ කිරීමෙන් වැළකීම ඇතුළු සංශෝධන කිහිපයක්‌ අයවැය යෝජනාවලට ශ්‍රීලනිපය ඉදිරිපත් කර තිබේ.

මේ සංශෝධන සිදුකර ගැනීම සඳහා මුදල් ඇමැති රවි කරුණානායක මහතා සමඟ සාකච්ඡා කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මැති ඇමැතිවරුනට උපදෙස්‌ දී ඇත.

ඒ අනුව එම සංශෝධනවලට යහපත් ප්‍රතිචාර නොදැක්‌වුවහොත් අයවැය තෙවැනි වර කියවීමේ විවාදයේදී ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ඡන්දය ලබාදීම සම්බන්ධව තීරණයක්‌ ගනු ලබන බව එම ආරංචි මාර්ග පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment