රිමාන්ඩ් කරන ප්‍රභූන් සමග සබඳතා පවත්වන වෛද්‍යවරයෙකු ගැන පරීක්ෂණයක්

රිමාන්ඩ් කරන ප්‍රභූන් සමග සබඳතා පවත්වන වෛද්‍යවරයෙකු ගැන පරීක්ෂණයක්

අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත වන ප්‍රභූවරුන් සමග සබඳතා පවත්වන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

බන්ධනාගාර ගතවන ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම පිළිබඳව සැකයක් මතුවන බවත්, ඒ පිළිබඳව තමන්ට වාර්තාවක් ලැබී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

"බන්ධනාගාර රෝහලේ සිටින එක් වෛද්‍යවරයෙක් අධිකරණ නියෝග මත බන්ධනාගාර ගතවන ප්‍රභූන් සමග සබඳතා පවත්වනවා. එම ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගන්නවා" යැයි ඊයේ (03) ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකදී හෙතෙම පැවසී ය.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment