ඕනෑම කෙනෙක්ට උතුරට යන්න පුළුවන් - ආරක්ෂක ලේකම්

ඕනෑම කෙනෙක්ට උතුරට යන්න පුළුවන් - ආරක්ෂක ලේකම්

ඕනෑම පුද්ගලයෙකුට උතුරු නැගෙනහිර ප්‍රදේශවල වන්දනාමාන කටයුතුවල සහ සංචාරක කටයුතුවල නිරතවීමේ වටපිටාවක් සකස් කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ගාල්ල, උළුවිටකේ මහ විද්‍යාලයේ පැවති උත්සවයකදී ය.

උතුරු නැගෙනහිර ඇතුළු සියලු ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර කොළඹ සිට මඩකළපුව බලා ගමන් කරමින් සිටි බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසකට ඊයේ පැය කිහිපයක් රීදිතැන්න ප්‍රදේශයේ රැඳී සිටීමට සිදුව තිබුණි.

පසුව එම පිරිස මඩකළපුව මංගලාරාම විහාරස්ථානය වෙත ආගමික කටයුත්තක් සඳහා පිටත්ව ගොස් තිබු බව වාර්තා වුණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment