ලොව ලොකුම නත්තල් ගහ යළි ඉදිකෙරේ

ලොව ලොකුම නත්තල් ගහ යළි ඉදිකෙරේ
ගාලුමුවදොර පිටියේ ඉදිවෙමින් තිබියදී තාවකාලිකව අත්හිටවූ ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කර ති‍බේ.
 
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපානන්ගේ ඉල්ලීමක් පරිදි එහි කටයුතු පසුගියදා නතර කර දැමුණි.
 
එම නත්තල් ගසේ ඉදිකිරීම් නතර කර ඒ සඳහා වැය වන මුදල්වලින් දුප්පත් ජනතාවට සහන සලසන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේය.
 
කෙසේවෙතත් කාදිනල් මැල්කම් රංජිත් පියතුමා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම නත්තල් ගසේ ඉදිකිරිම් කටයුතු යළි ආරම්භ කිරීමට උපදෙස් ලබාදී ඇත.
 
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment