බොලිවුඩයේ සුපිරි තාරකා යුවළක් වන සයිෆ් අලී ඛාන් හා කරීනා කපූර් ඛාන් අද කුඩා බිළිඳෙකුගේ මව් පිය පදවි ලැබුවා. අද 20 අඟහරුවාදා උදෑසන 8.30 ට පමණ උපන් කුඩා කුමරුට ටයිමුර් අලි ඛාන් පටවුඩි යන නම තබා තිබේ.
මව සහ දරුවා දෙදෙනාම
හොඳ සෞඛ්ය තත්වයෙන් සිටින බවද වාර්තා වුණා. කරීනා ඉක්මණින්ම මේ ගැන සමාජ මාධ්ය වෙත දන්වමින් සැමට තුති පුදා ඇති අතර සැමට සුබ නවවසරක් හා නත්තල්ද ප්රාර්ථනා කර තිබුණි.
කරීනා කපූර් දරුවෙකු ලබන්නේ ප්රථම වරටය. සයිෆ් අලි කාන් සිය පළමු විවාහයෙන් දරු දෙදෙනෙකුගේ පියකුව සිටි අතර 1991-2004 කාලයේ පැවති විවාහය දික්කසාදයකින් අතැර ගිය පසු 2012 කරීනා සමග විවාහ වී තිබුණි.
About
විගස පුවත් I Vigasapuwath
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment