ධනංජය ද සිල්වාගේ ඉවසිල්ල නිසා ලංකාව අප්‍රිකාව දැමූ අමාරුවෙන් තරමක් ගොඩ යයි






පෝට් එළිසබෙත් නුවරදී පැවැත්වෙන  දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිල නොසිතූ අමාරුවක වැටී ඇති
නමුත් ධනංජය ද සිල්වාගේ
ඉවසිලිවන්ත ඉනිම හේතුවෙන් තරගයේ දෙවැනි දිනය වන ඊයේ (27 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කරනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 7 ක් අහිමි කරගෙන ලකුණු 181 ක් ලබා ගන්නට හැකිවුණා.
ශ්‍රී ලංකා මුල් ඉනිමේ ආරම්භක පිතිකරුවන්ට සිතූ තරම් දස්කම් දක්වන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත.
 කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව රංගන හේරත් දැවියනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩලු හතකට ලකුණු 157 ක අසීරු තත්වයකට වැටී තිබූ අතර ධනංජය එක්වී එය 181 දක්වා රැගෙන ගියා.
දකුණු අප්‍රිකාවේ මුල් ඉනිම සියලු දෙනා දැවී ලකුනු 286 කි.
අද තරගයේ තෙවැනි දිනයයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment