හාල් මිල ඉහළයාම ගැන ඩඩ්ලි සිරිසේන කථා කරයි


හාල් මිල ඉහළයාම ගැන
ඩඩ්ලි සිරිසේන කථා කරයි



මේ දිනවල ජනතාව උහුලන්නට බැරි තරමට වෙළෙඳපොලේ  සහල් මිල ඉහළගොස් තිබීම කවර හේතුවක් නිසාදැයි පැහැදිලි කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ සොයුරු අරලිය සහල් සමාගමේ ප්‍රධානී ඩඩ්ලි සිරිසේන මහතා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.
එහිදී ඔහු කියා සිටියේ
හාල් මිල ඉහළ යාමට

ප‍්‍රධානම හේතුව ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් රජය සතු වී තොග නිසි ලෙස නිකුත් නොකිරීම බවයි.

වී අලෙවි මණ්ඩලය සතු වී තොග වෙළඳපලට නිකුත් කිරීමට ජනාධිපති  හා අගමැති තීරණය කර තිබියදීත් ඇමතිවරයා නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව එය නොකළ බව ඔහු චෝදනා කර තිබේ.

වී මොල් හිමියන් සතුව ලබන අප්‍ර‍ෙල් මාසය දක්වා ඇති තරම් සම්බා සහ කීරි සම්බා තොග තිබෙන නමුත් නාඩු වී නැති බව කියන සිරිසේන මහතා නාඩු වී වැඩි ප‍්‍රමාණයක් ඇත්තේ රජය සතුව බව දන්වා සිටියේය.
ඒ නිසා සහල් මිල ඉහළයාම සම්බන්ධයෙන් තමන් ඇතුළු මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කිරීම අසාධාරණ බව ඔහු කියා සිටී.

වී අලෙවි මණ්ඩලයෙන් රුපියල් 43.65ට  වී කිලෝව ගෙන රුපියල් 50 බැගින් මෝල් හිමියන්ට අලෙවි කරන බවත් කිලෝවක් නිෂ්පාදනයට සෙසු වියදම් හැර වී සඳහා පමණක් රුපියල් 80ක් වැයවන බවත් කියන ඔහු
රජය සතු වී තොග සහල් කිරීම සඳහා මෝල් හිමියන්ට නිසි ක‍්‍රමවේදයක් යටතේ නිකුත් කළේ නම් මෙවැනි ගැටලූ ඇති නොවන බව ද දන්වයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment