ශෂී වෙල්ගම රිමාන්ඩ්

ශෂී වෙල්ගම රිමාන්ඩ්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම අනිද්දා (22දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් රුක්මනී ලියනාරච්චි මහත්මිය නියෝග කළාය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් රුපියල් මිලියන 120ට අධික මුදලක් අවබාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශෂී වෙල්ගම අත්අඩංගුවට ගැනින.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලංගමට දුනුකොළ සැපයූ පෞද්ගලික ආයතනයක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු වන එල්. නන්නද පෙරේරා නැමැති සැකකරුද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment