යහපාලන ආණ්ඩුව හැදූ පිරිසක් ගැලවෙයි? නව සංවිධානයක් ඇරඹෙයි?

යහපාලන ආණ්ඩුව පිහිටුවීම සඳහා කැපවීමෙන් කටයුතු කළ තරුණ පිරිසක් එක් වී නව සිවිල් සංවිධානයක් ගොඩනැගීම සඳහා මේ දිනවල සාකච්ජා කරමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා කරවීම වෙනුවෙන් දැඩි කැපවීමෙන් ක්‍රියාකළ මෙම පිරිස, වසර දෙකක් අවසානයේදී යහපාලන ආණ්ඩුව විසින් යහපාලන ප්‍රතිපත්තීන් වලට සිදුකර තිබෙන හානිය පිළිබඳව දැඩි කලකිරීමෙන් පසුවන පිරිසකි. 


තවදුරටත් නිහඬව සිටීමෙන් මහජනතාව තුල ජනාධිපතිවරයා කෙරෙහි වූ විශ්වාසය බිඳ වැටීමට ලක්වන බැවින් සැබෑ යහපාලනයක් බිහි කිරීම සඳහා සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව ජනාධිපතිවරයා සතු වගකීම පිළිබඳව පැහැදිලි කිරීම සහ ඒ පිළිබඳ මහජන මතය නියෝජනය කිරීම මෙම සංවිධානයේ අරමුණයි.

ආණ්ඩුවේ තනතුරුවල නියැලී සිටින තරුණ සිවිල් ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙක් සිය තනතුරු වලින් ඉවත් වී මෙම සංවිධානයට සම්බන්ධ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment