නව ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට සමවෙන රාජ්‍ය පාලන ක්‍රමයක් බෑ

නව ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට සමවෙන රාජ්‍ය පාලන ක්‍රමයක් බෑ

පාර්ලිමේන්තුව හා සම වන වෙනත් රාජ්‍ය පාලන ක්‍රමයක් නොතිබිය යුතු බවට පාර්ලිමේන්තුව සහ පළාත් සභා අතර සබඳතා පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද අනුකමිටුවක් විසින් නිර්දේශ කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත් කරනා ලද තත්කාර්ය අනුකමිටුවේ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කළ මෙහෙයුම් කමිටුව විසින් පාර්ලිමේන්තුව සහ පළාත් සභා අතර සබඳතා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ අනුකමිටුවේ සාමාජිකයන් ලෙස සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග හා වෛද්‍ය තුසිතා විජේමාන්න යන මන්ත්‍රීවරුන් කටයුතු කළහ.

පළාත් සභා මැති ඇමැතිවරුන් ඇතුළු විද්වතුන්ගෙන් කරුණු විමසා අනුකමිටුව මෙම වාර්තාව සකස් කර තිබේ. ඔවුන් නිකුත් කළ වාර්තාවට අනුව විධායක සහ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වගවිය යුතුවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය හරහා පවරා ඇති විෂයන් පමණක් සමාලෝචනයට ලක් කළ යුතු බව ද එම කමිටු වාර්තා වේ දැක්වේ.

පළාත් සභා නියෝජිතයන් බේරා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වීමේදී පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයට යෝජනා කර ඇති පරිදි කේවල ඡන්ද ක්‍රමය සහ මනාප ඡන්ද ක්‍රමය මිශ්‍ර වූ සහ එම ප්‍රතිශතයන් යටතේම ගණනය කෙරෙන මිශ්‍ර ක්‍රමයක් සුදුසු බව කාරක සභාවේ මතය වී තිබේ.

ඒ අනුව ඉඩම්, ජනගහනය සහ සංවර්ධනය යන සාධක මත පදනම්ව ජාතික මට්ටමේ සීමා නිර්ණ කොමිෂන් සභාවක් මගින් කොට්ඨාස නැවත සීමා නිර්ණය කළ යුතු බවටද යෝජනා කර තිබේ.

පාර්ලිමේන්තුව හා සම වන වෙනත් රාජ්‍ය පාලන ක්‍රමයක් නොතිබිය යුතු බවට නිර්දේශ කර ඇති කමිටුව උප ජාතික සහ ප්‍රාදේශීය රාජ්‍ය පාලන මට්ටමක් යටතේ පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීම ගැන සැලකිල්ල යොමු කර ඇත.

පළාත් සභා ලැයිස්තුවට අදාළ විෂයන් තීරණය කිරීමේදී ඊට අදාළ පැවැරුම සැලකිල්ලට ගෙන පළාත් අමාත්‍ය මණ්ඩල සංයුතිය සඳහා අවශ්‍ය වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සමාලෝචනය කිරීම සහ ඔවුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යෝජිත සෙනෙට් සභාවේ ස්ථීර සාමාජිකයන් ලෙස සැලකීම සඳහා අවශ්‍ය කරුණු සැලසුම් කළ යුතු බවට ද යෝජනා කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment