සහල් මිල ඉහලට

සහල් මිල ඉහලට

මේ දිනවල වෙළෙඳපොළේ සියලුම සහල් වර්ගවල මිල ඉහළ ගොස්‌ ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.

වෙළෙඳුන් සහල් වැඩි මිලටත්, සිතූ සිතූ ගණන්වලටත් අලෙවි කිරීම නිසා තමන් දැඩි අපහසුතාවකට මුහුණපාන බව ඔවුහු කියති.

බොහෝ සහල් රුපියල් 85, 90, 100 ආදී මිල ගණන්වලට අලෙවි කරන බවට ද රජය පාලන මිල ගැන කතා කළ ද වෙළෙඳුන් එය ගණනකට නොගෙන අධික මිල ගණන් යටතේ සහල් විකුණන බවට ද ජනතාව චෝදනා කරති.

කොළඹ ප්‍රදේශයේ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳුන් වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වහා සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි ජනතාව පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටිති.
 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment