සන්ධාන මන්ත්‍රීවරු දෙපළට ඇප

සන්ධාන මන්ත්‍රීවරු දෙපළට ඇප

අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවක නිරතවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් 25 දෙනා ඇප මත මුදාහැර තිබේ.

ඒ අනුව එක් අයෙකුට රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙලෙස ඇප නියම වුයේ සහ බස් රියදුරන්, ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනාටයි.

රථ වාහන වැරදි 7ක් සඳහා අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට රජය ගත්  තීරණයට එරෙහිව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ඔවුන් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment