රත්නසිරි වික්‍රමනායක සමුගනී



රත්නසිරි වික්‍රමනායක සමුගනී



හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ රත්නසිරි වික්‍රමනායක මහතා අද දහවල් කොළඹ ආසිරි රෝහලේදී අභාවප්‍රාප්ත විය.
පසුගියදා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ප්‍රතිකාර ලබමින් පසුවූ ඒ මහතා පසුව තරමක් සුවය ලබා නිවසට රැගෙන ගියද
නැවත රෝග තත්වය

මතුවී අද රෝහල් ගත කර තිබුණි. ඔහු මියයන විට වයස අවුරුදු 83කි.
 ජීවතුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින් අතළොස්ස අතරින් කෙනෙකු වූ ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ  උපදේශකවරයෙක් වශයෙන් මෙන්ම නිදහස්  පක්ෂයේ අනුශාසකවරයෙක් ලෙසද කටයුතු කළේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විදුර වික්‍රමනායක මහතා ඔහුගේ පුත්‍රයෙකි.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment