නැවතී සිටි හෝටල් කාමරයට හොර රහසේම කාන්තාවන් ගෙන්වා ගැනීමේ වරද සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට දඩ නියමකරලා තියෙනවා.
බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කරන ෂබීර් රෙහෙමාන් සහ අල් අමීන් හුසෙයින් යන ක්‍රීඩකයි දෙදෙනාටයි මෙලෙස දඩ නියම වෙලා තියෙන්නේ.
බංග්ලාදේශ ප්‍රිමියර් ලිග් තරගාවලිය අතර තුර මෙම ක්‍රීඩකයන් දෙදෙනා තමන් නැවතී සිටි හෝටල් කාමරය වෙත අවස්ථා කීපයකදී මෙලෙස තරුණියන් ගෙන්වාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ. එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන ආකාරයට මොවුන් දෙදෙනා විනය කඩ කිරීමක් සිදුකර තියෙනවා.
ඒ අනුව මෙම විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් එක් ක්‍රීඩකයෙකුගෙන් ඇමරිකානු ඩොලර් 15,000ක දඩ මුදලක් අයකර ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතුකරලා.
Home
/
News
/
හෝටල් කාමර වලට තරුණියන් එක්කරගෙන ගිය ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙන්නෙක්ට වෙච්ච දේ
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment