හම්බන්තොට පහරදීම සෙවීම දකුණේ ඩීඅයිජීට බාරදෙයි

හම්බන්තොට පහරදීම සෙවීම දකුණේ ඩීඅයිජීට බාරදෙයි

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හම්බන්තොට වරායේදී මාධ්‍යවේදි රොෂාන් දිලීප් කුමාරට පහරදීම ගැන සොයා බලන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලේ විමර්ශන කටයුතු දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යු ප්‍රනාන්දු මහතාට යොමු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බවත් මාධ්‍යවේදියකුට තබා සාමාන්‍ය පුද්ගලයකුටවත් පහර දීමට නාවික හමුදාපතිට බලයක් නැතැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment