හම්බන්තොටදී මාධ්‍යවේදීයාට පහර දුන්නාට ප්‍රදේශ රැසක උද්ඝෝෂණ

හම්බන්තොටදී මාධ්‍යවේදීයාට පහර දුන්නාට ප්‍රදේශ රැසක උද්ඝෝෂණ

හම්බන්තොට වරාය පරිශ්‍රයේදී නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදීයෙකුට පහරදිමේ සිද්ධියට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා පවත්වා තිබේ.

ගම්පහ, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මාධ්‍යවේදීන් ඇතුලු පිරිසක් ඊට සහභාගී වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකමුතුව ගම්පහ ප්‍රදේශයේදී විරෝධතාවක නිරත වූ අතර වරාය පරිශ්‍රයේදී නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදීයෙකුට කළ පහරදිමේ සිද්ධියට ඔවුන් විරෝධය පල කරන ලදී.

මේ අතර අම්පාර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් ද අම්පාර නගරයේදී උද්ඝෝෂණයක නිරත විය. නාවික හමුදාපතිවරයාගේ ක්‍රියාකලාපය හෙලා දකිමින් ඔවුන් කළු පටි පැලඳ විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වෙයි.

මෙම උද්ඝෝෂණය සදහා සිවිල් සංවිධාන සහ ප්‍රදේශයේ නායක ස්වාමින් වහන්සේ කිහිපනමක් ද සහභාගී වී තිබේ.

මේ අතර හම්බන්තොට වරාය පිවිසුම් දොරටුව අභියස පැවැත්වෙන වරාය සේවකයින්ගේ අඛන්ඩ සත්‍යග්‍රහයේ වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන් ද අද දිනයේ කළුපටි පැලඳ මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරන ලදී.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment