හිටපු අගමැති රත්නසිරි රෝහල් ගත කරයි

හිටපු අගමැති රත්නසිරි රෝහල් ගත කරයි

ශ්‍රීලනිපයේ අනුශාසක, හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා රෝගීවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාද ඊයේ (20)  එම පෞද්ගලික රෝහල වෙත ගොස් රත්නසිරි වික්‍රමනායක මහතාගේ සුවදුක් විමසා තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින් දෙදෙනෙකු ලෙසද හිටපු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා සැළකෙන අතර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨතම උපදේශකවරුන් වශයෙන් මෙන්ම නිදහස්  පක්ෂයේ අනුශාසකවරුන් ලෙසද ඔවුහු කටයුතු කරති.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment