චීන මහා ප්‍රාකාරය වගේම චීනයේ විස්මිත නිර්මාණ අතර ටෙරාකොටා පිළිමද අමතක කරන්න බැහැ. 20 වැනි ශතවර්ෂයේ විශිෂ්ටතම පුරාවිද්‍යා කැණීම විදියට මෙම පිළිම සොයා ගැනීම හඳුන්වන්න පුළුවන්. මේවා නිර්මාණය කරලා තිබෙන්නේ ක්‍රි. පූර්ව 221 වැනි සියවසේ දී චීනය පාලනය කරපු ක්වින් ෂී හුවං සමයේදීයි.
පිළිම සොයා ගත් ස්ථානය අද වන විට කෞතුකාගාරයක් කරලා වගේම වර්ග මීටර් 16,300ක භූමි ප්‍රමාණයක පැතිරුණු එකක්. පිළිම විශාල වළවල්වල තැන්පත් කර ඇති අතරම ඒවා පෙළගස්වලා තිබෙන්නේ යුද්ධයකට සැරැසීලා ඉන්න විදියට. ඒ වළවල් එක, දෙක සහ තුන යන පිළිවෙළින් නම් කරලා තිබෙනවා එහි පළමුවැනි වළෙහි දිග මීටර් 230ක් වන අතර පළල මීටර් 62ක් වෙනවා. මෙම පළමු වළ තීරු 11කට බෙදා ඇති අතරම ඒ එක් තීරුවක් මීටර් 3කට වඩා පළල්.
තඹවලින් නිමැවුණු වටිනා ආයුධ රාශියක් මේ කෞතුකාගාරයේ තැන්පත් කරලා තිබෙනවා. ඒ අතර කඩු, හෙල්ල, වක් පිහි. කෙටි වක් කඩු හා ඊතල හමු වී ඇති අතර ඒවා එදා වගේම තමත් මුවහත්. මීට අමතරව තඹවලින් නිමවා ඇති අශ්ව රථ සහ අශ්වාරෝහකයන්ද පසුව කරපු කැණීම්වලදී සොයාගෙන තිබෙනවා.
1978 වර්ෂයේ දී ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකු වුණු ජැකුවිස් චිරාක් මෙම කෞතුගාරය බලන්න ගිය අවස්ථාවක එය ලෝකයේ අටවැනි පුදුමය ලෙස ප්‍රකාශයට පත් කරලා. එතැන් පටන් ලොව පුරා මහත් ප්‍රචලිත වූ මෙම ටෙරාකොටා පිළිම චීනයේ ප්‍රෞඪත්වය තව තවත් ලොවට හෙළි කරන්න සමත් වුණා.
චීනයේ ෂැන්ෂි පළාතේ ෂීඇන්වල පිහිටි ක්වින්ෂි හුවං අධිරාජ්‍යයාගේ සොහොනට කිලෝමීටර් 2.4ක් පමණ නැඟෙනහිර දෙසට වන්නට තමයි මෙම ටෙරාකොටා පිළිම හමුවෙලා තිබෙන්නේ. 1974 දී ඒවා මුලින්ම හමුවෙලා තිබෙන්නේ ඒ ප්‍රදේශයේ වගා ළිං හාරන්න ගිය ගොවීන් පිරිසකට පිළිම හමුදාව සෙබළුන් 800ක්, යුද රථ 130ක් සහ අශ්වයන් 520කි.
අශ්වාරෝහක හමුදාව 150ක් මෙම පිළිම හමුදාවට ඇතුළත් වෙනවා. මේවා මිනිස් සිරුරේ ප්‍රමාණයට නිර්මාණය කරලා තිබෙනවා. පිළිමයක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 100 - 300ක් අතර වෙනවා. සාමාන්‍ය උස අඩි 5යි අඟල් 9ක්. එක් එක් පිළිමවල හිස කොටස, අත් සහ කඳ කොටස වෙන වෙනම නිර්මාණය කර ගෙනැවිත් සවිකර ඇති බව සොයාගෙන. ඒවායේ මුහුණු ඒ කාලයේ හිටපු සෙබළුන්ගේ මුහුණුවලට සමානව නිර්මාණය කර ඇති බවටත් මතයක් තිබෙනවා.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment