සෑම වසරකම දෙසැම්බර් මස 07 වැනි දින සිට 17 වැනි දින දක්වා ඇතිවන ‘ජෙමිනිඩ්ස්' උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට අද (13දා) රාත්‍රියේ සහ හෙට (14දා) අලුයමදී නිරීක්ෂණය කළ හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.
වසරේ හොඳම උල්කාපාත වර්ෂාව වන මෙහි උච්චතම අවස්ථාවේදී විවිධ වර්ණයන්ගෙන් යුත් උල්කාපාත 120ක් පමණ පැයක් ඇතුළත කාලයකදී දැකගත හැකි වෙයි.
අද රාත්‍රියේ පුරසඳ පැවැතීම උල්කාපාත නිරීක්ෂණයට සැලකිය යුතු බාධාවක් වුවත් ‘ජෙමිනිඩ්ස්' උල්කාපාත ඉතා දීප්තිමත්ව මෙන්ම අධික ප්‍රමාණයන්ගෙන් යුක්ත වීම හේතුවෙන් ඒවා දැකගැනීම එතරම් අපහසු නොවනු ඇත.
මේ උල්කාපාත මධ්‍යම රාත්‍රියෙන් පසුව කළුවර ස්ථානවල සිට නැරැඹීම වඩාත් උචිත වන අතර මිථුන තාරුකා රූපය දෙසින් විහිදෙන ආකාරයට උල්කාපාත නිරීක්ෂණය කළ හැකි බව ග්‍රහලෝකාගාරය පවසයි. එම මිථුන රාශිය අද රාත්‍රි 8ට පමණ නැඟෙනහිර දෙසින් උදාවෙයි.
මේ ‘ජෙමිනිඩ්ස්' යන උල්කාපාත වර්ෂාව ඇතිවීමට හේතුව වන්නේ 1982දී සොයාගත් '3200 ෆෙයතොන්' නම් ග්‍රහකය දමා ගිය අභ්‍යවකාශ සුන්බුන් වෙයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment