ජාතික ශෝක දිනය වෙනස් වෙයි 

ජාතික ශෝක දිනය වෙනස් වෙයි 

අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා වෙනුවෙන් ජාතික ශෝක දිනය දෙසැම්බර් 30 වැනි දා බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඊට පෙර රත්නසිරි වික්‍රමනායක මහතාගේ ආදාහන කටයුතු සිදුවෙන 31දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව අමාත්‍යංශය සඳහන් කළේය. 

එදිනට සියලුම රාජ්‍ය  හා පෞද්ගලික ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

මේ අතර අභාවප‍්‍රාප්ත හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුකරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ මහතාගේ අභාවය සැළ වූ වහාම අවශ්‍ය කටයුතු සොයා බැලු ජනාධිපතිවරයා අදාළ අංශ සම්බන්ධ කරගනිමින් හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු කඩිනමින් සංවිධානය කරන ලෙස උපදෙස් දුන්නේය. 

රත්නසිරි වික‍්‍රමනායක මහතා මිය යන විට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment