අගමැතිට ජනපතිට තර්ජන කළ තරුණයා යළි රිමාන්ඩ්

අගමැතිට ජනපතිට තර්ජන කළ තරුණයා යළි රිමාන්ඩ්

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ හඬපටයකින් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්ෂ නායකවරයාට මරණ තර්ජන සිදුකළ බවට අත්අඩංගුවට ගත් තරුණයා හෙට දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය ලබා දී ඇත.

හඬපටය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණය හමුවේ දැනුම්දී ඇති අතර එම හඬපටය ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කර ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට බවත්, තවත් රටවල් කිහිපයක සිට ද විවිධ පුද්ගලයින් එම හඬපටයම ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවත් රහස් පොලීසිය දැනුම් දී තිබේ.

කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු හෙට දක්වා රිමාන්ඩ් කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment