ඇමතිවරයෙක් දවල්ට මෛත්‍රී එක්ක රෑට මහින්ද එක්ක ඩීල් දාලා

ඇමතිවරයෙක් දවල්ට මෛත්‍රී එක්ක රෑට මහින්ද එක්ක ඩීල් දාලා

සංවර්ධන පනත පරාජය කිරීමට කටයුතු කරන පිරිස් සිටින්නේ දවල්ට‍ මෛත්‍රී සමග බවත් රෑට මහින්ද සමග බවත් මේ නිසා ඔවුන් "දවල් මිගෙල් රෑ ඩැනියෙල්" චරිතය රඟපාන පිරිසක් බවත්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(29) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය සුපිරි ඇමතිලා බිහිකිරීමට නොව සුපිරි රටක් බිහිකිරීමට බවත් බැසිල්ලා, නාමල්ලා සුපිරි ඇමති ජීවිත ගතකරද්දී නව පනතට විරුද්ධවන අය කිසිත් නොකියා සිටි බවත් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

පනත පරාජය වුවද නැවත එය ගෙන එන බවත් සුපිරි ඇමති කියා ඇමතිවරු විශේෂයක් නැති බවත්, එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය රට සංවර්ධනය කිරීම  බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment