වාහන ලියාපදිංචි සහන කාලය අදින් අවසන්

වාහන ලියාපදිංචි සහන කාලය අදින් අවසන්

ලියාපදිංචි නොකර ධාවනයට යොදා තිබූ වාහන ලියාපදිංචි කිරීමට හා වාහනවල සන්තකය වෙනස් වීම ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය අදින් (30) අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

පසුගිය වසර කිහිපය තුළ මෙරටට ආනයනය කළ යතුරුපැදි ඇතුළු වාහන විශාල ප්‍රමාණයක් ලියාපදිංචි නොකර ධාවනයට යොදා ගැනීම හා අයිතිය වෙනස්වීම ලියාපදිංචි නොකර එම වාහන භාවිතයට යොදා ගැනීම නිසා රජයට ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වී ඇති බවට කරුණු අනාවරණය වූ නිසා ඒවා ලියාපදිංචි කිරීම සඳහා ඉකුත් ඔක්තෝබර් මස සිට මාස 3ක සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබිණි.

කෙසේ වුවද ලබාදී ඇති සහන කාලය කිසිදු අයුරකින් යළිත් දිර්ඝ නොකරන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment