මහින්දගේ ආරක්ෂකයින්ට අවුලක්!

මහින්දගේ ආරක්ෂකයින්ට අවුලක්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රභූ ආරක්‍ෂක ඒකකයට ලබාදෙන ප්‍රභූ ආරක්‍ෂක දීමනාව අප්‍රේල් මාසයේ සිට කපා හැර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 206කින් යුත් බලඇණියක් යොදවා ඇති අතර ඉන් කිසිම නිලධාරියකුට ප්‍රභූ ආරක්‍ෂාව වෙනුවෙන් ලබාදෙන මූලික වැටුපෙන් 33%ක දීමනාව ලබා නොදෙන බව එම ආරක්‍ෂක ඒකකයේ නිලධාරීහු ප්‍රකාශ කරති.

තවද සාමාන්‍ය පොලිස් නිලධාරීන්ගෙන් විශේෂ සම්මුඛ පරීක්‍ෂණයක් මෙන්ම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් පවත්වා ඉන් සමත් වන නිලධාරීන් පමණක් ප්‍රභූ ආරක්‍ෂක ඒකකයට බඳවා ගන්නා අතර ඒ සියලුම සුදුසුකම් සපුරා ඇති අතර මේ නිලධාරීන්ට අප්‍රේල් මස සිට මේ දීමනාව ලබාදී නැති බවද වාර්තා වේ.

ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදවා ඇති සෑම නිලධාරියකුටම දුෂ්කර දීමනා ලෙස රුපියල් 2400ක මුදලක්ද සිය වැටුපට ඇතුළත් කළත් මේ මුදලද මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රභූ ආරක්‍ෂක ඒකකයට ලබා නොදෙන බව එම නිලධාරීහු පවසති. ඒ අනුව මාසිකව ඔවුනට රුපියල් 10,000ක මුදලක් අහිමි වන බව එම නිලධාරීහු පවසති.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සියලුම ප්‍රභූ ආරක්‍ෂක නිලධාරින්ට කිසිදු අඩු කිරීමකින් තොරව වැටුප් හා දීමනා ලබා දුන්නත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රභූ ආරක්‍ෂකයන්ට එම දීමනා ලබා නොදීම බරපතළ අසාධාරණයක් බවද එම නිලධාරීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය ලිපි ලේඛන සියල්ල සමඟ ඉල්ලීම් කර ඇති බවත් තවමත් එම දීමනා තම ඒකකයට ලැබී නොමැති බව‍ත් ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාශය සදහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment