පාර්ලිමේන්තුව හරිත පාරිලිමේන්තුවක් වෙයි

පාර්ලිමේන්තුව හරිත පාරිලිමේන්තුවක් වෙයි

පාර්ලිමේන්තුවේ විදුලි අවශ්‍යතාවයට සූර්යබල පද්ධතියක් සවි කෙරෙන බවත් ඒ අනුව පාර්ලිමේන්තුව හරිත පාරිලිමේන්තුවක් බවට පත් වන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (02) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය,

“සුළං බලයෙන් මෙගාවෝට් 10 බැගින්වූ බලාගාර දෙකක් චුන්නාගම් ප්‍රදේශයේ අපි ටෙන්ඩර් කළා. ඉතාම හොඳ මිලක් ලැබුණා. ක්‍රියාවලිය සති කීපයකින් අවසන් වෙනවා. ඉතාම ඉක්මනින් ඒ බලාගාර ක්‍රියාත්මක වෙනවා. මෙගාවොට් එක බැගින් වූ  බලාගාර 60ක් ලංකාව පුරා අපි හදනවා. මේ වනවිට භූමියේ ව්‍යාපෘති කාර්යාල ආරම්භ කර තිබෙනවා. අවශ්‍ය සෑම කටයුත්තක්ම අවසන් කර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් සමඟ මේ ව්‍යාපෘතිය සිදු කරනවා. සුළං බලය පිළිබඳව විනිවිද වේගවත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරනවා. ලෝකයේ අනාගතය සූර්ය බලය, රටේ අනාගතය සූර්ය බලයයි.

පාර්ලිමේන්තුවත් කතානායකතුමාගේත් ආශිර්වාදය ඇතිව පාර්ලිමේන්තුවේ මෙගාවොට් 1.5ක ජලය මත පා වෙන සූර්ය විදුලිබල පද්ධතියක් සවිකිරීමට බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවත් හරිත පාර්ලිමේන්තුවක් බවට පත් වෙනවා“ යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා, “පාර්ලිමේන්තුවේ විදුලි බිල ඉහල ගොස් තිබෙනවා, ඔබගේ සහයෝගයෙන් එම විදුලි බිල සියයට 70%කින් අඩු වේයැයි විශ්වාස කරනවා. ඒ සහයෝගය අප අගය කරනව“ යැයි පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment