බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පොදු ප්‍රදේශ ලෙස සැලකෙන පැමිණීමේ ආලින්දයෙහි සහ බරාඳයෙහි (Arrival Lobby and Porch Area) ගැවසෙන තැරැව්කරුවන් වැළැක්වීම සඳහා 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
මෙම පුද්ගලයන් විසින් අවසර නොගෙන ප්‍රවාහන පහසුකම් සැලසීම, අනවසර මුදල් හුවමාරුව හා ගමන් මළු පැටවීම වැනි නීතිවිරෝධී කටයුතුවල යෙදීම සිදු කෙරේ.
ඒ අනුව මෙම කටයුතු පාලනය කිරීම සඳහා දැනට පවතින්නාවූ නීති ප්‍රමාණවත් නොවන බැවින් සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කිරීම සිදු කෙරේ.
0 comments :
Post a Comment