පර්දාව විභාගෙට තහනම් කරපු අය ගැන හොයන්න - අධ්‍යාපන ඇමති නියෝග

නාවලපිටිය ශාන්ත මේරි විභාග මධ්‍යස්ථානයේ පසුගියදා මුස්ලිම් සිසුවියන් පිරිසකට පර්දාව පැළඳ විභාග මධ්‍යස්ථානවලට ඇතුළුවීමට ඇතිවූ බාධා කිරීම ගැන වහාම සොයා බලා වාර්තාවක් කැඳවන ලෙස ඉල්ලන
අධ්‍යාපන
ඇමතිවරයා සිසුවියන් අපහසුතාවයට පත් නොකරන්නැයි නියෝග කර ඇත.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාට උපදෙස් ලබාදී පවසා ඇත්තේ
එවැනි සිසුන් කාන්තා නිලධාරීන් ලවා අනන්‍යතාවය තහවුරු කර ඇතුළුවීමට හා විභාගයට ලිවීමට අවසරදීමේ ගැටුලුවක් නැති බවයි.
මෙවැනි සිද්ධීන් මුල් කරගනිමින් ජාතිවාදී හෝ ආගම්වාදී මත ගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවද  අධ්‍යාපන අමාත්‍ය වරයා දන්වා ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment