බලය බෙදන්න පෙර ආණ්ඩුව දෙකට බෙදේ..

නව ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීම හා ජනමත විචාරණයක්‌ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව අභ්‍යන්තරයේ බෙදීමක්‌ හටගෙන තිබේ.

පුළුල් ලෙස බලය බෙදාහැර සම්පූර්ණ ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කළ යුතු බවටත් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු බවටත් ආණ්‌ඩුවේ සිටින එජාපයේ බහුතරයකගේ මතය වී තිබේ. ඒ සඳහා ආණ්‌ඩුවට අවශ්‍ය ශක්‌තිය ඇති බවට එම පිරිස්‌ පෙන්වා දී තිබේ.

එහෙත් ආණ්‌ඩුවට ජනවරම ලැබී ඇත්තේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදුකිරීමට පමණක්‌ බවත් එම ජනමතයට අනුව ආණ්‌ඩුව කටයුතු කළ යුතු බවටත් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිපයේ පිරිසක්‌ ජනාධිපතිවරයාට කරුණු දැක්‌වීමට සූදානමින් සිටිති.

මේ මොහොතේ ජනමත විචාරණයක්‌ පවත්වා යම් හෙයකින් පරාජයට පත්වුවහොත් ආණ්‌ඩුවේ පැවැත්ම ද කඩාවැටී යහපාලන අරමුණු ඉටුකරගත නොහැකි වනු ඇති බවද එම පිරිස පවසති. මේ අනුව සම්පූර්ණ ව්‍යවස්‌ථා සම්පාදනයක්‌ සිදුකරන්නේද එසේ නැතිනම් පවතින ව්‍යවස්‌ථාවේ පුළුල් සංශෝධනයක්‌ සිදු කරන්නේ ද යන්න ලබන මාසයේ දී තීන්දු කරන බව ශ්‍රීලනිපයේ ඇමැතිවරයකු පැවසීය.

– දිවයින
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment