නොබෙල් සාම තෑග්ග දිනූ කොලොම්බියානු ජනපති ලංකාවේ සාම මොඩල් එක ගැන කතා කරලා


නොබෙල් සාම තෑග්ග දිනූ කොලොම්බියානු ජනපති 
ලංකාවේ සාම මොඩලය අගය කරයි

දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන කොලොම්බියාවේ පැවති වසර 50 ක යුද්ධය සාම ගිවිසුමක් මගින් අවසන් කරන්නට සමත්වූ එරට ජනපති ජුවාන් මැනුවෙල් සැන්ටොස් 2016 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්
තැනැත්තාය. ඔහු සිය සම්මානය ලබාගන්නට
නෝර්වේහි ඔස්ලෝ නුවරට පැමිණි අවස්ථාවේ සභාවකදී ලංකාවේ සාම ක්‍රියාවලිය ගැන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දී තිබේ.

අති බිහිසුණු FARC ගරිල්ලන් සමඟ සාම ගිවිසුමක් ඇති කර ගැනීමට ඔහු ගත් උත්සාහය 2002 මුල් භාගයේ දී සටන් විරාම ගිවිසුමක් මගින් ලංකාව හා එල්ටීටීඊය යුද්ධය නතර කළ අවස්ථාවට සමාන නොවේදැයි ප්‍රශ්නයක් විමසන ලදුව එය ශ්‍රී ලංකා ආකෘතියම යයි පුළුල් ලෙස සැලකීමේදී තමන් නොසිතන බව කියා සිටියා.

තමා ලංකාවේ ක්‍රමය අධ්‍යයනය කළ බවත් ලංකාවේ සමාජ සන්දර්භය හා කොලොම්බියාවේ සන්දර්භය වෙනස් බවත් ඔහු කියා සිටියා. එසේ නමුත් යුද්ධය නතරවූ පසු ලංකාවේ පශ්චාත් සාම ක්‍රියාවලිය තමන්ගේ ඉදිරි වැඩ සඳහා වැදගත් බවද ඔහු පිළිගත්තා.

‘සටන්කරුවන් 58,000 කට වඩා වැඩි පිරිසක් දැන් සමාජගතයි කියල අපි හිතනව. ඒත් ඒක එහෙම නොවෙන්නත්  පුළුවන් අප උත්සාහ කරනවා ඉදිරි සංහිඳියා වැඩ සටහන සාර්ථක කරගන්න. ලංකාව ඒ සඳහා හොඳ ආදර්ශයක්‘ ඔහු කියා ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment