දකුණු ඉන්දියාව හරහා යන වර්ධා සුළි කුණාටුව නිසා ගුවන් ගමන් නවතී


අද දකුණු ඉන්දියාව ආසන්න අහසේ හටගෙන තිබෙන සුළි කුනාටු තත්වයක් මේ වනවිට ජනජීවිතයට විවිධ බලපෑම් ඇති කර තිබේ.කුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර් 80ත් 90 ත් අතර වේගයෙන් සුළං හමා යා
හැකි බව ද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇති
අතර මේ හේතුවෙන් ඒ හරහා යන ගුවන් ගමන් සියල්ල නවතා තිබේ.
ඉන්දීය කාලගුණ බලධාරීන් පවසන්නේ, අද පස්වරු 2.30ත් 5.30ත් අතර කාලය තුළ කුණාටුව, දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් කලාපය සහ උතුරු තමිල්නාඩු කලාපය හරහා ගොඩබිමට ඇතුළු වනු ඇති බවය. ඇති වන උදම් රළ නිසා තිරුවෙල්ලෝර්, කංචිපුරම්, මෙන් ම චෙන්නායි පහත් බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බවට ද අනාවැකි පළ වී තිබේ.
සහන සේවා සඳහා දැනට ඉන්දීය නාවික හමුදාව අවශ්‍ය පියවර ගෙන ඇති අතර තමිල්නාඩුවේ පාසල්ද වසා දමා තිබේ.
පකිස්ථානය විසින් දෙන ලද නමකට අනුව මෙම කුණාටුව වර්ධා ලෙස නම් කර ඇත. එහි අර්ථය රතු රෝස මලයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment