රිතික් රෝෂන් නත්තල සමරන්න පරණ පවුල සමග ඩුබායි ගිහින්


බොලිවුඩ් නළු රිතික් රොෂාන්-සුසාන් ඛාන් ගෙන් 2014දී වෙන් වී වසර දෙකක් පුරා ඈත්ව සිටි නමුත් සිය දරුවන් බලන්නට වරින්වර ගොස් තිබුණා.

මේ මාසය මුලදී, රිතික් ඔහුගේ දරුවන්
හා හිටපු බිරිඳ සමඟ පවුලේ රාත්‍රී ආහාර වේලක් ඉන්දියාවේදී  ලබාගත් බවටද කටකතාවක් පැතිරී තිබුණ අතර එය තහවුරුවී නොතිබියදී මෙවර නත්තල වෙනුවෙන් ඔහු දරුවන් පමණක් නොව පැරණි බිරියද සමග ඩුබායි හෝටලයක නවාතැන් ගත් බව බොලිවුඩ් වෙබ් අඩවි වාර්තා කරනවා.
මෙම සිද්ධිය හෙළිදරව් වන්නේ ඩුබායි වෙරළකදී ලබාගත් ඉන්ස්ටර්ග්‍රෑම් ඡායාරූපයක් හිටපු බිරිය සුසෑන් විසින් අන්තර්ජාලයට යොමු කිරීම නිසාය.
 ඔවුන් පවුලක් ලෙස එකට නිවාඩුවක් බව එහි සටහන් කර ඇත.(ඡායාරූපයේ අනෙක් කාත්නාව සුසෑන්ගේ හිතවතියකි)
මොවුන් දෙදෙනා ඔවුන්ගේ පෞද්ගලික වෙනස්කම් දරුවන් හමුවේ අමතක කර ඇති බවත් පරිපූර්ණ දෙමාපියන් ලෙස ආදර්ශවත් ක්‍රියාවක නිරතව ඇති බවත් වෙබ් අඩවි වල සඳහන්ය. ඔවුන් දෙදෙන නැවත එක්වීමට ඉඩ ඇතැයිද එම වාර්තා ඉඟි කරනවා.
රිතික් බිරියගෙන් වෙන්වූයේ වෙනත් පෙම් පලහිලව්වක් නිසා බවට කතා පැවතිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment