එජාප මන්ත්‍රීවරු පිටව යයි - 'සුපිරි ඇමැති' මධ්‍යමත් පරාදයි 

එජාප මන්ත්‍රීවරු පිටව යයි - 'සුපිරි ඇමැති' මධ්‍යමත් පරාදයි 

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද(28) මධ්‍යම පළාත් සභාවේදීද පරාජයට පත්විය. 

ඒ අනුව පනතට විපක්ෂව ඡන්ද 32ක් ලැබුණ අතර මන්ත්‍රීවරු සිව්දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඡන්දය පවත්වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියේය.

පනත අද (28) සාකච්ඡාවට ගත් අවස්ථාවේදී සභාව තුළ කලබලකාරී තත්ත්වයක්ද ඇතිවිය. පනතට විරෝධය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පනත ඉරා දැමූහ. විපක්ෂ සංවිධායක සන්ධාන මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතා පනත සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සිටියදී ඔවුහු පනත ඉරා විසි කළහ.

පසුව විනාඩි 15කට සභාව කල්තැබීමටත් සභාපතිවරයා තීරණය කළේය.  

ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසූයේ ප්‍රතිපත්තියක් ලෙස පනතට විරුද්ධ බවයි. 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment